උතුරේ පොලිසි කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බව කී නිර්නාමික ඇමතුම ගැන විමර්ශන

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බව කියමින් නිර්නාමික දුරකථන ඇමතුමක් කන්කසන්තුරේ පොලිස් ස්ථානයට ලැබී තිබෙනවා. 

මෙම ඇමතුම ඉකුත් 11 වැනිදා දහවල් කාලයේදී ලැබී ඇති බවයි පැවසෙන්නේ. 

මේ සම්බන්ධයෙන් හිරු නිවුස් කළ විමසීමේදී වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.යූ.වුඩ්ලර් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවයි. 

කුමන අරමුණකින් කවුරු විසින් ඇමතුම දී ඇත්ද යන්න අනාවරණය කරගෙන නැති නමුත් කන්කසන්තුරේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශන සිදුකෙරෙන බවයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. 

මේ තොරතුර අනූව උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.