ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේදී ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී තිබෙනවා. 

ඊට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා කිසිදු භේදයකින් තොරව සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. 

එසේම මෙරට ආර්ථිකයට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සිදුවන දායකත්වය අගයමින්, බිඳවැටී ඇති රට යළි ගොඩනැඟීමට රජය ස්ථාවර ආරම්භයක් ගෙන ඇති බවද සඳහන් කර තිබෙනවා.