ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසු ඇමරිකාව සමග ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අර්ථ විරහිත බව ඉරානය පවසනවා. 

ඒ අනුව, හෙට පැවැත්වීමට සැළසුම් කළ සාකච්ඡා සඳහා සහභාගිවීම පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බකායි ප්‍රකාශ කර ඇත්තේ. 

ඇමරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡාවල 6 වැනි වටය හෙට (15) මස්කට්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.