බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි ගිය ගුවන් යානයක් ආපසු හරවයි

බෝම්බ බියක් හේතුවෙන් තායිලන්තයේ ෆුකට් දූපතේ සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.

බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් පිළිබඳව යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 9.30ට පමණ පාලක මැදිරියට දැනුම් දී ඇති බවයි.

ඒ වනවිට එහි මගීන් 156 දෙනෙකු ගමන් කරමින් සිටියා.

කෙසේ වෙතත් එම යානයේ බෝම්බයක් නොමැති බවටයි පසුව තහවුරු වී ඇත්තේ.