හාර්වඩ් විශ්ව­වි­ද්‍යා­ල­යට එරෙ­හි විම­ර්ශ­න­යකට අමෙ­රි­කානු රාජ්‍ය ලේක­ම්ගෙන් උප­දෙස්

අමෙ­රි­කානු රජයේ අසා­දු­ලේ­ඛ­න­ගත නිල­ධා­රින්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් චිනයේ පැවැති සෞඛ්‍යා­ර­ක්ෂණ සමු­ළු­ව­කට හාර්වඩ් විශ්ව­වි­ද්‍යා­ලය සහ­යෝ­ගී­තාව ලබා­දී­මෙන් රජයේ සම්බා­ධක උල්ලං­ඝ­නය වූයේ­දැයි විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ එරට භාණ්ඩා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වට උප­දෙස් දී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.

චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ උයි­ගර් ප්‍රජා­වට අයත් පුද්ග­ල­යන් බල­හ­ත්කා­ර­යෙන් සේව­යට යොදා­ගැ­නී­මෙන් අමෙ­රි­කාව විසින් සම්බා­ධක පන­වනු ලැබූ ෂින්ජි­යැන් නිෂ්පා­දන සමා­ගමේ සහ තවත් ඉදි කිරීම් සමා­ග­මක නිල­ධා­රීන් පිරි­සක් එම සමු­ළු­වට සහ­භාගි වූ බවට තොර­තුරු පළවී වී ඇතැයි ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. හාර්වඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලබන විදේ­ශීය සිසු­න්ගෙන් වැඩි ප්‍රමා­ණ­යක් චීන සිසුන් වන අතර, එම විශ්ව­වි­ද්‍යා­ලය චිනයේ පැවැ­ත්වෙන විවිධ සමුළු සඳහා සහ­යෝ­ගී­තාව ලබා­දීම අමෙ­රි­කාවේ ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් බව ට්‍රම්ප් පරි­පා­ල­නයේ විශ්වා­සය වී ඇතැයි ද වාර්තා වේ. එම නුසු­දුසු ක්‍රියා­මාර්ග අත්හි­ටු­වන ලෙස පසු­ගි­යදා ට්‍රම්ප් පරි­පා­ල­නය හාර්වඩ් විශ්ව­වි­ද්‍යා­ල­යට දැනුම් දී තිබූ බව ද වාර්තා වේ.