ලුණු මෙට්‍රික් ටොන් 18,000ක් මෙරටට ආනයනය කරයි

ලුණු මෙට්‍රික් ටොන් 18,163ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව, මැයි 22 වැනිදා සිට ජුනි 07 වැනිදා දක්වා කාලය තුළ එම තොගය ආනයනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ සඳහා රුපියල් මිලියන 1291ක පමණ මුදලක් වැය වී ඇති බවද, ඉන් රුපියල් මිලියන 720ක් ගෙවා ඇත්තේ බදු ලෙස බවද රේගුව සඳහන් කළා.

පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ආනයනය කිරීමට නියමිත ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30000 ක් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.