පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

එමෙන්ම, පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

මෙම පාර්ලිමේන්තු සතිය තුළ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ‍විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත යටතේ නියමයන්, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.