උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.
