චීන සාකච්ඡා සාර්ථකයි – ට්‍රම්ප් කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු­බදු ප්‍රති­ප­ත්ති­යෙන් අමෙ­රි­කාව සහ චීනය අතර උද්ගත වූ වෙළෙඳ අර්බු­ද­යට විස­ඳුම් සෙවීම සඳහා දෙරටේ නියෝ­ජි­ත­යන් අතර ලන්ඩන් නුවර පැවැති දෙවැනි වටයේ සාක­ච්ඡා­ව­ලදී දෙපා­ර්ශ්ව­යම එක­ඟ­තා­ව­කට පැමිණි බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙ­රි­කානු සමා­ග­ම්ව­ලට චුම්බක සහ දුර්ලභ ලෝහ වර්ග ඇතුළු නිෂ්පා­දන සැප­යී­මට චීනය එක­ඟ­තා­වට පැමිණි බවත්, චීන සිසුන්ට පන­වනු ලැබූ වීසා සීමා­වන් ඉවත් කිරී­මට අමෙ­රි­කාව එකඟ වූ බවත් ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම එක­ඟ­තා­වන් සම්බ­න්ධව චීන ජනා­ධි­පති ෂී ජින්පින් සමඟ එක්ව ඉදි­රි­යේදී අව­සන් අනු­මැ­තිය ලබා­දෙන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. එම සාක­ච්ඡාව පවත්වා ඇත්තේ අමෙ­රි­කාව විසින් පන­වනු ලැබූ ඉහළ තීරු­බදු චිනයේ කර්මාන්ත රැස­කට බල­පෑම් එල්ල වී ඇති අව­ස්ථා­ව­කදී බවත්, තීරු­බදු ප්‍රති­ප­ත්තිය මත චීනයේ ප්‍රාන්ත රැසක නිෂ්පා­දන දැඩි පසු­බෑ­ම­කට ලක්වී තිබූ බවත් වාර්තා වේ. පසු­ගිය මාස­යේදී චීනයේ විවිධ ප්‍රාන්ත­වල කර්මා­න්ත­ශාලා රැසක් වසා දමා එහි සේව­ක­යන්ට තාව­කා­ලික නිවාඩු ලබා­දී­මට පිය­ව­ර­ගෙන තිබූ බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.