මේ දිනවල ළමුන් අතර තද උණ රෝගයක් පැතිර යමින් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න පවසනවා.
මෙය අලුත් තත්ත්වයක් නොවන බවත්, සෑම වසරකම මෝසම් වැසි සමඟ උණ රෝග කිහිපයක් පැතිරෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.
ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා සහ චිකුන්ගුන්යා මෙන්ම උණ සමඟ එන පාචනය ද පැතිර යා හැකි බවත්, දරුවාට තද උණ සමග වමනය යනවා නම්, බඩ රිදෙනවා නම්, මුත්‍රා පිටවීමේ අඩුවක් ඇති නම් වහාම රෝහලකට යොමුවන ලෙසයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.