ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (12) යෙදී තිබෙනවා.
මෙම වසරේ ළමා ශ්‍රමිකත්වයට එරෙහි දිනයේ තේමාව වන්නේ “සුරක්ෂිත නිරෝගී පරපුරක්” යන්නයි.
ළමයින් පාසල් හැරයන තත්ත්වයන් උද්ගතවීම, අඛණ්ඩව පාසල් නොයැවීම ආදිය තුළින් ළමා ශ්‍රමිකත්වය ඉහල යාමට හැකියාව ඇති බැවින් මෙම තත්වයන් අවම කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම නොපසුබටව ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ.
වයස අවුරුදු 16ට අඩු සෑම ළමයෙක්ම අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු අතර, වයස අවුරුදු 16-18 අතර ළමයින්ගේ ජිවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට, සදාචාර වර්ධනයට අනතුරුදායි නොවන රැකියාවන් හි පමණක් ළමයින් යෙදවිය හැකි බවත්, ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන් වල යෙදවිය නොහැකි බවත් එම නිවේදනය මගින් දක්වා තිබෙනවා.
ළමයින් මෙහෙකාර සේවයට යොදවා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අදාළ නිවේදනය පහතින්.
