වර­ද­කරු වූ දෙදරු පියාට වසර 10ක සිර­ද­ඬු­ව­මක් සමඟ දඩ­යක්

මවුපි­යන් නොමැති බාල වය­ස්කාර පාසල් ශිෂ්‍යා­වක් රවටා බර­ප­තළ ලෙස ලිංගික අප­යෝ­ජ­නය කිරීම ඇතුළු අධි­චෝ­දනා දෙක­කට වර­ද­කරු වූ දෙදරු පිය­කුට කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ මහතා ඊයේ (11) බර­ප­තළ වැඩ සහි­තව වසර 10ක සිර­ද­ඬු­ව­මක් හා රුපි­යල් 30,000ක දඩ මුද­ලක් නියම කළේය.

අම­ත­රව වින්දිත දැරි­යට රුපි­යල් ලක්ෂ 3ක වන්දි­යක් ගෙවී­මට නියම විය. මෙලෙස සිර­ද­ඬු­වම් නියම වූයේ මෙයට වසර 12කට පෙර සිදුවූ වර­දක් සම්බ­න්ධ­යෙන් ත්‍රිරෝද රථ රියැ­දු­රකු ලෙස සේවය කරන 37 හැවි­රිදි දෙදරු පිය­කු­ටය.

බාල වය­ස්කාර දැරිය ඇගේ මිත්ත­ණිය සමඟ විත්ති­ක­රුගේ ත්‍රිරෝද රථ­යෙන් ගම­නක් ගොස් ඇති අතර එහිදී ඔහු නැවත ගම­නක් යෑමට අව­ශ්‍යය වුව­හොත් දන්වන ලෙස පවසා දුර­ක­තන අංකය දී සබ­ඳ­තා­වක් ඇති­කර ගෙන තිබේ. පසු අව­ස්ථා­වක ඔහු ඇය සිය රථ­යට නංවා­ගෙන හෝටල් කාම­ර­ය­කට කැඳවා ගෙන යෑමට උත්සාහ කර ඇත. එහිදී තරු­ණිය විරු­ද්ධව ඇත. එවිට ඔහු පාළු ඉඩ­ම­කට ගෙන ගොස් දැරි­යට අත­වර කිරී­මට සූදා­නම්ව තිබේ. එහිදී දැරි­යගේ කෑ ගැසීම ඇසී අවට සිටි අයකු එතැ­නට පැමිණ ඇති අතර විත්ති­කරු ඔහුට මුදල් දී එම තැනැත්තා පිට­තට යවා අත­වර කර ඇත.

සිද්ධි­යෙන් පසු දැරි­යට ගමේ ජීවත් විය­හැකි පරි­ස­ර­යක් නොවීම නිසා ඇගේ පාසල් අධ්‍යා­ප­නය ද අඩ­ප­ණව තිබේ. පසුව ඇය විවා­හ­යක් කර­ගෙන ඇති අතර සිද්ධිය හෙළි­වී­මෙන් පසු ඔහුද අත්හැර ගොස් ඇත.

ගල්කිස්ස පොලී­සිය විම­ර්ශ­නය කිරී­මෙන් පසු නීති­ප­ති­ව­රයා 2021 වස­රේදී චෝදනා ගොනු කරන ලදි. අන­තු­රුව විත්ති­ක­රුට එරෙ­හිව බාල වය­ස්කාර දැරි­යක නීත්‍යා­නු­කූල භාර­කා­රි­ත්ව­යෙන් අප­හ­ර­ණය කිරීමේ චෝද­නාව යටතේ සහ ලිංගික තෘප්ති­යක් ලබා ගැනීම සඳහා ශරී­රයේ කොට­සක් භාවිත කිරීමේ චෝද­නාව යටතේ දණ්ඩ නීති සංග්‍ර­හයේ 365 සහ 354 යටතේ නඩු පැව­රිණි.

විත්ති­ක­රුට එරෙහි චෝදනා පැමි­ණිල්ල සාධා­රණ සැක­ය­කින් තොරව සනා­ථ­කර ඇති බව තීර­ණය කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා චුදි­තට එරෙ­හිව ඉදි­රි­පත්වූ සියලු චෝද­නා­වන්ට වැරැ­දි­කරු කළේය.

අධි­ක­ර­ණ­යක් බාල වය­ස්ක­රු­වන් සම්බන්ධ චෝද­නා­වන්ට වැරැ­දි­ක­රු­වන් වන තැනැ­ත්තන්ට දඬු­වම් නියම කිරී­මේදී ඔවුන්ගේ වයස් පර­ත­රය පිළි­බ­ඳව ද දැඩි ලෙස අව­ධා­නය යොමු කරන බව කියා සිටි මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා චුදි­තට පෙර වැරැදි නොති­බීම හෝ ඔහුගේ දරු­වන් පාසල් යන වයසේ පසු­වීම හා ඔවුන්ගේ රෝගී තත්ත්ව පිළි­බ­ඳව ආදී කරුණු ලෙස සැල­කිය නොහැකි බව කියා සිටි­යේය.

දඬු­වම් නියම කරන අව­ස්ථාවේ වින්දිත දැරිය ද අධි­ක­ර­ණ­යට පැමිණ සිටියා ය. 2015 අංක 04 දරණ වින්දි­ත­යන් ආරක්ෂා කිරීමේ පනත යටතේ විනි­සුරු ඇයට අද­හස් දැක්වී­මට අව­ස්ථාව දෙන ලදි. එහිදී ඇය අධි­ක­ර­ණය අම­ත­මින් මෙසේ කියා සිටි­යාය.

‘ස්වාමීනි, අත­ව­ර­යට පත්වී­මෙන් පසු ප්‍රකා­ශ­යක් ගැනීම සඳහා පොලී­සිය ඔවුන්ගේ ජීප් රථයේ මා දමා ගෙන ගියා. ඉන්පසු පිරිමි 4-5 දෙනකු අතින් මා අත­ව­ර­යට ලක්ව ඇතැයි ගමේ කතා­වක් ගියා. මා ජීවත් වන්නේ ආච්චි සම­ඟයි. ඉන්පසු මට ගමේ ජීවත් වෙන්න බැරි තත්ත්ව­යක් ඇති වුණා. විවාහ ජීවි­තය බිඳ වැටුණා. මගේ මුළු ජීවි­ත­යම නැති වුණා. විත්ති­ක­රුට දරු­වන් දෙදෙ­නකු සිටි­නවා. ඔවුන්ගේ ජීවි­තය කඩා­ක­ප්පල් වෙන්න පුළු­වන් නිසා මොහුට ලිහිල් දඬු­ව­මක් දෙන ලෙස ඉල්ලා සිටි­නවා’ යැයි කිව්වාය.

ඉන්පසු දඬු­වම් නියම කර­මින් මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ මහතා මෙසේ කියා සිටි­යේය.

‘වින්දිත තැනැ­ත්තිය පැමි­ණිල්ලේ පළමු සාක්ෂි­කා­රිය ලෙස ක්‍රියා කළා. විත්තිය ඇය වෙහෙ­ස­මින් අවු­රුදු දෙකක් ඇගෙන් මේ සිද්ධිය පිළි­බඳ හරස් ප්‍රශ්න ඇහුවා. ඒව­ගේම විත්ති­කරු විත්ති කූඩුවේ සිට ප්‍රකා­ශ­යක් කළා. මේ නඩුව ද්වේශ සහ­ග­තව ගොනු­කළ නඩු­වක් බව පෙන්වන්න උත්සාහ කළා. නමුත් වින්දිත තැනැ­ත්ති­යට විත්ති­කරු කෙරෙහි එවැනි ද්වේශ­යක් නොති­බුණු බව පැහැ­දි­ලියි’ යැයි ප්‍රකාශ කළ විනි­සු­රු­ව­රයා දඬ­වම් නියෝ­ගය දුන්නේය.

රජයේ අධි­නී­තිඥ කේෂාණී විජේ­සිංහ මහ­ත්මිය පැමි­ණිල්ල මෙහෙය වූවාය.

චන්දන ජය­වීර