ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 4කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මැද පෙරදිග රටවල පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව මේ වනවිට ඩබ්ලිව් ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67. 50 ක් ලෙස දැක්වෙන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 69. 05 ක් ලෙසයි.