දිවයින පුරා බන්ධනාගාර තුළ ලේඛන පරීක්ෂාවට CID කණ්ඩායම් 28 ක් යොමු කෙරේ

දිවයින පුරා බන්ධනාගාර තුළ ලේඛන පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28 ක් යොමු කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම සහ නිදහස් නොකෙරූ රැඳවියන් සම්බන්ධයෙන් සියලු ලේඛන පරීක්‍ෂා කිරීම සඳහා ඔවුන් යොමුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.