ජනපති හා ජර්මානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

ජර්මනියේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) පස්වරුවේ Waldorf Astoria හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය Dr. Johann Wadephul හමු වී සාකච්ඡා පැවැත්වුවා.

රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, විදේශ කටයුතු, විදේශ රැකියා හා වෙ‍ළෙඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) සුගීෂ්වර ගුණරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.