අත්අඩංගුවට ගත් කෙහෙළියගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවිකාවක මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි හමුවට ඊයේ ඉදිරිපත් කළ අතර, එහිදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් පහළොස්දෙනෙකු ඇතුළත් කර, ඔවුන්ගේ වැටුප් හා දීමනා ලබාගෙන රුපියල් ලක්ෂ අසුවකට අධික මුදලක් රජයට පාඩුවක් සිදුකළ බවට ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව එම සේවිකාව අත්අඩංගුවට ගෙන තිබුණා.