ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

නිරිතදිග මෝසම හමුවේ මේ මාසය තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,259ක් වාර්තා වී තිබෙන අතර, ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර, සබරගමුව, නැගෙනහිර හා දකුණු පළාත්වලින් බවයි ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

එසේම මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 13 ක් වන බවද එම ඒකකය සඳහන් කළා.

මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කර දැමීම සඳහා අවට පරිසරය පිරිසිදු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.