Manhunt International තරගයේ දෙවන ස්ථානය පියුමාල් සිතුම්ට

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ලොව ප්‍රමුඛතම පිරිමි රූපලාවණ්‍ය තරඟයක් වන Manhunt International 2025 තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පියෙකු වන පියුමාල් සිතුම් සමත්වී තිබෙනවා.

මෙම තරගාවලියේදී ඔහු Swimwear Digital ජයග්‍රාහක ශූරතාවය ද දිනා ගැනීමට සමත් වූ අතර තරගාවලිය තුළ තරග අංශ ගණනාවකින් ඔහු කැපී පෙනෙන දක්ෂතා ඉදිරිපත් කිරීමට සමත්වී තිබෙනවා.

Manhunt International 2025 ශූරතාව ප්‍රංශය නියෝජනය කළ Adonis Renaud විසින් දිනාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.