සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධව මේ වන විට කොමිශන් සභාව විසින් සිදු කරගෙන යන විමර්ශනයට අදාළව ඔහුගේ නිවසක සේවිකාවක වශයෙන් කටයුතු කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ කාන්තාවක්.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.