විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කෙරේ

මේ වසරේ දෙවන භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබුණා.

පසුව මහජන උපයෝගීතා කොමිසම විසින් අදියර කිහිපයක් ඔස්සේ මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව අද මෙලෙස නව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.