මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිකිරීම් යළි ඇරඹීමට අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර IV යටතේ, කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කොටසට අදාළ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දැනට අත්හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර IV ව්‍යාපෘතියේ ඉඩම් අත්කර ගැනීමේ ක්‍රියාවලියේ භෞතික ප්‍රගතිය 73.2%ක් ලෙසයි දැක්වෙන්නේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර හා මධ්‍යම පළාත් වෙත ප්‍රවේශ වීමට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක මාර්ග පද්ධතියක අවශ්‍යතාව සපුරා ගැනීමටත්, සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ අපේක්ෂිත පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමටත් මධ්‍යම අධිවේගී මාර්ගය අදියර IV සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.