අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (11) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.
මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු සිදුවන හෙයින් ඔහු විසින් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බවත් මෙම නඩුකරය හෙට දින ස්ථිර මහෙස්ත්‍රාත් හමුවේ කැඳවන ලෙස නියෝග කර ඇති බවයි මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබෙන්නේ.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කළ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.