පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අද උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.
දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කර සිටියේ.