ජාතික පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන සැහැහැවතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් (11) ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ලබන 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
මේ අතර විශේෂ බස් රථ සේවාව ද අදත් ක්‍රියාත්මක අතර ජාතික පොසොන් උත්සවයට අනුරාධපුරයට යන සැදැහැවතුන් වෙනුවෙන් කොළඹ සිට අතිරේක බස් රථ 200ක් ධාවනයට එක්කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා ඇති බවත් අනුරාධපුරට පැමිණීමේදී පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වලකින ලෙස සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින බවයි පොසොන් උත්සව කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය වැඩිදුරටත් සඳහන් කළේ.