වැඩ තහනමට ලක්වී අත්අඩංගුවටගත් බන්ධනාගාර කොමසාරිස් අද අධිකරණය හමුවට

අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (10) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු අලුත්කඩේ, අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

වෙසක් පොහොය දා ජනපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමට අදාළ විමර්ශන මුල්කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.