රාජ්‍ය ආදා­යම් කැපී­පෙ­නෙන ලෙස ඉහළ යයි

මෙරට රාජ්‍ය ආදා­යම් ලැබීම් ඉති­හා­සයේ කැපී­පෙ­නෙන ඉහළ යෑමක් වාර්තා කර­මින් මේ වසරේ මුල් මාස හත­රේදී රජයේ ආදා­යම් සැල­කිය යුතු ප්‍රමා­ණ­ය­කින් වැඩිවී ඇත. ඒ අනුව ‍මේ වසරේ (2025) මුල් මාස 04 තුළ දී රජයේ ආදා­යම් සහ ප්‍රදා­න­යන් හී වටි­නා­කම රුපි­යල් බිලි­යන 1,454.67 කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදා­යම් හා ප්‍රදාන වටි­නා­කම රු. බිලි­යන 1,218.07 ක් ලෙසිනි.

ඊට සාපේක්ෂ මෙම වසරේ පළමු මාස 04 තුළ දී රු. බිලි­යන 1,454.67 ක් දක්වා රු. බිලි­යන 236.60 කින් රජයේ ආදා­යම් සහ ප්‍රදා­න­යන් වැඩි වී තිබේ. එය පෙර වසරේ එම කාල­යට සාපේ­ක්ෂව 19.42%ක වර්ධ­න­යක් බවද මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක දැක්වේ.

මෙලෙස ආදා­යම් වැඩි­වී­මේදී රු. බිලි­යන 463.19ක බදු ආදා­ය­මක් 2025 අප්‍රේල් මාසය තුළ දී පම­ණක් වාර්තා වීම විශේ­ෂ­ත්ව­යකි. විශේ­ෂ­යෙන් එම මාසය තුළ දී වාහන ආන­ය­නය නැවත විවෘත කිරීම හේතු­වෙන් මෙලෙස බදු ආදා­යමේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි ද එම මහ බැංකුව කියයි.

මේ අතර 2025 පළමු මාස 04 අව­සා­නයේ දී ප්‍රාථ­මික ගිණුමේ ශේෂය රු. බිලි­යන 532.73ක ධන අග­යක් වාර්තා කරන අතර සමස්ත අය-වැය හිඟය රු. බිලි­යන 261.61ක් ලෙසින් සට­හන්ව ඇත.

ජය­සිරි මුණ­සිංහ