චීන ජනපති සහ දකුණු කොරියානු ජනපති දුරකථන සංවාදයක

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන් මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වයි. එය අද (10) පෙරවරුවේ සිදු කෙරිණ.

දකුණු කොරියානු ජනපති ධුරයට තේරී පවත්ව සිටින ලී ජේ මියුන් මහතා වෙත නැවතත් සුබ පැතුම් පිරිනමන බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

විධිමත්, ස්ථාවර මෙන් අඛණ්ඩව ගැඹුරු වන චීන-දකුණු කොරියා සම්බන්ධතාව යුගයේ ප්‍රවණතාවන්ට අනුකූල වන අතර, දෙරට අතර ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට ද අනුකූල වෙයි. එය කලාපීය සහ ලෝකයේ සාමය හා ස්ථාවරත්වය මෙන්ම සංවර්ධනය හා සමෘද්ධිය සඳහා හිතකර වන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය.

චීනය සහ දකුණු කොරියාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ මුල් අභිප්‍රායට අනුගමනය කොට යහපත්-අසල්වැසි මිත්‍රත්වයේ දිශාවට අනුගත විය යුතු බව ෂී ජින් පිං මහතා මෙහිදී අවධාරණය කළේය.

දෙරටෙහි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දීම සඳහා චීන-දකුණු කොරියානු උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කළ යුතු බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

දකුණු කොරියානු-චීන සබඳතාව ඉහළින් වැදගත් කොට සලකමින් චීනය සමඟ එක්ව ද්විපාර්ශ්වික යහපත්-අසල්වැසි මිත්‍රත්වය, ගැඹුරු ලෙසින් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට තමා කැමැත්තෙන් සිටින බවත් දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.