කෙහෙ­ළි­යට එරෙහි බාල ඖෂධ නඩුව:

රනිල් හෙට CIDයට

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට චෝදනා එල්ලවී ඇති බාල ඖෂධ සිද්ධිය සම්බ­න්ධ­යෙන් නැවත ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට හෙට (11) කැඳවා තිබේ. මෙම ඖෂධ සිදු­වීම සම්බ­න්ධ­යෙන් රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු එව­කට පැවැති ආණ්ඩුවේ කැබි­නට් මණ්ඩ­ල­යේම සාමා­ජි­ක­ය­න්ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රකාශ සට­හ­න්ක­ර­ගෙන තිබුණි. ඒ ප්‍රශ්න ගත ඖෂධ ආන­ය­නය කිරීම හා මිලදී ගැනීම සම්බ­න්ධ­යෙන් වූ කැබි­නට් තීර­ණ­යට අදාළ කරුණු සම්බ­න්ධ­යෙන් එහිදී එව­කට කැබි­නට් මණ්ඩ­ලයේ සාමා­ජි­ක­ය­න්ගෙන් ප්‍රකාශ ලබා­ගෙන තිබුණි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඖෂධ සිදු­වීම සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තා­ගෙන් ප්‍රකාශ සට­හ­න්කර ගැනී­මට සූදා­නම් වන්නේ දෙවැනි වර­ටය.

ගයාන් කුමාර වීර­සිංහ