මෙවර අය – වැය ප්‍රතිපාදන යොදා ගනිමින් වාරිමාර්ග ව්‍යාපෘති සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් අංශවල සිදු කෙරෙන ව්‍යාපෘති පිළිබඳ සමීපව අධ්‍යයනය කර එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා එසේ උපදෙස් ලබාදෙනු ලැබුවේ මෙවර අය – වැය මඟින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට සහභාගි වෙමිනි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එය ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (06) පැවැත්විණි.
යාං ඔය, ගල්ඔය සහ මහවැලි ව්‍යාපෘති මෙන්ම කුඩා වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළුව වාරිමාර්ග ක්ෂේත්රයට අදාළව ආරම්භ කර ඇති ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
වාරිමාර්ග ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද අවධානය යොමු විය.
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර මහත්වරු ද, මුදල් අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එකව සිටියහ.
උපාලි කරුණාරත්න