පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වෙයි

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වනවා.

ඒ අනුව අද සිට 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා කිසිදු අය කිරීමකින් තොරව ගමන් වාර 36 ක් ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව සඳහා බස් රථ 200ක් ධාවනයට එක්කර ඇති බවත්, දෛනික කාලසටහන්වලට අමතරව, කොළඹ සිට එම බස් රථ ධාවනයට එක්කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ.

දුම්රිය කාලසටහන පහතින්.