ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයක් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍යද සමඟ රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 480ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු 26 හැවිරිදි, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ජුනි 04 වන දින රාගම පොලිස් ස්ථානයට වාර්තා වූ රුපියල් 1,800,000 ක් වටිනා ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ අපරාධයට අදාළ සැකකරු බවට අනාවරණය වී ඇති අතර, කොල්ලකන ලද ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.