JICA නව ප්‍රධාන නියෝ­ජිත අග­මැ­ති­නිය හමු­වෙයි

දෙරට අතර දිගු­කා­ලීන සංව­ර්ධන හවු­ල්කා­රි­ත්වය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ අර­මු­ණින්, අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය සහ ජපාන ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සියේ (JICA) නව ප්‍රධාන නියෝ­ජිත කෙන්ජි කුරෝ­නුමා මහතා අතර හමු­වක් පසු­ගිය 05 වැනිදා පාර්ලි­මේ­න්තුවේ දී පැවැ­ත්විණි.

මෙම හමුවේ දී, විශේ­ෂ­යෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යා­පන ක්ෂේත්‍ර­යට අඛ­ණ්ඩව සහාය වීම සඳහා JICAට ඇති හැකි­යාව පිළි­බඳ ඔහු යළිත් අව­ධා­ර­ණය කළේය.

නව පත්වීම වෙනු­වෙන් අග­මැ­ති­ව­රිය කුරෝ­නුමා මහ­තාට සුබ පැතූ අතර, JICA විසින් ශ්‍රී ලංකා­වට ලබා­දෙන තාක්ෂ­ණික සහ­යෝ­ගී­තාව පිළි­බ­ඳව සිය ස්තුතිය ද පළ කළාය.

තාක්ෂ­ණික අංශයේ සහ­යෝ­ගිතා ඉලක්ක සඳහා වන වග­වීම, විනි­වි­ද­භා­වය සහ සියලු දෙනාම ඇතු­ළත් වන නව ප්‍රති­සං­ස්ක­රණ සඳහා රජයේ කැප­වීම පිළි­බ­ඳව ද අග­මැ­ති­ව­රිය මෙහිදී අව­ධා­ර­ණය කළාය.

විශේෂ අව­ශ්‍යතා ඇති දරු­වන් සඳහා වන අධ්‍යා­ප­නය ශක්ති­මත් කිරීම කෙරෙහි මෙම සාක­ච්ඡා­වේදී වැඩි අව­ධා­න­යක් යොමු විය.

දෙරට අතර සහ­යෝ­ගී­තාවේ ප්‍රධාන ක්ෂේත්‍ර අත­රට සිය­ලුම අංශ­වල විශේෂ අධ්‍යා­පන ඒකක ස්ථාපිත කිරීම, ගුරු පුහුණු විෂ­ය­මාලා සංශෝ­ධ­නය කිරීම සහ ප්‍රධාන අව­ශ්‍යතා තක්සේරු කිරීම ඇතු­ළත් වනු ඇත.

එසේම වෘත්තීය පුහු­ණුව, විදේශ රැකියා අවස්ථා සහ ජපා­නයේ රැකියා අවස්ථා සොයන ශ්‍රී ලාංකි­ක­යන් සඳහා ජපන් භාෂා පුහුණු වැඩ­ස­ට­හන් පැවැ­ත්වීම කෙරෙහි ද මෙහිදී අව­ධා­නය යොමු කෙරිණි.

JICA ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන නියෝ­ජි­ත­යන් ද, අග­මැති ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි, අති­රේක ලේකම් සාග­රිකා බෝග­හ­වත්ත, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැඩ­බ­ලන අධ්‍යක්ෂ ජන­රාල් රුවන්ති දෙල්පි­ටිය, සහ­කාර අධ්‍යක්ෂ ගයංගා ඩයස් මහත්ම මහ­ත්මීන් මෙන්ම විදේශ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් ද මෙම අව­ස්ථා­වට සහ­භාගී වූහ.

නුවන් කොඩි­කාර