වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8.00 ට අවසන් කර තිබෙනවා.
උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය විද්‍යා පීඨ උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුලු ගැටලු 5 ක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් පසුගිය 5 වනදා සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණා.
ඉන්, වෘත්තීන් 4 කට අයත් පිරිස් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (07) උදෑසන 8 ට අවසන් කළ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයද සිය වර්ජනය අද උදෑසන අවසන් කර තිබෙනවා.