මාතර බන්ධනාගාරය, කොටවිල ප්‍රදේශයට ගෙනයාම සඳහා කඩිනමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, එම බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (07) එක්වෙමින්.අනතුරුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
ඒ අනුව එම බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන අතර, ඒ හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්, කාර්ය මණ්ඩලය මෙන්ම රැදවියන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
මාතර නව අධිකරණ සංකීර්ණය ද කොටවිල ප්‍රදේශයේම ස්ථාපිත කර ඇති අතර, බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ද ඉඩමක් වෙන්කර තිබෙනවා.
සංවර්ධන සැලැස්ම සමග බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ඓතිහාසික වටිනාකමක් සහිත භූමියක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවයි මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.