ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබෙනවා.
ඒ අනුව, මෙවර එහි තේමාව වන්නේ ‘අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු’ යන්නයි.
මෙරට සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් පළමුවරට අවධානයට ලක්වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.
ඒ අනුව, 2008 වසරේදී, සෑම වර්ෂයකම ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.