ලෝකයේ සාගරයෙන් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් අදුරුවෙයි

පසුගිය දශක දෙක පුරාවට ලෝකයේ සාගරයෙන් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් අඳුරු වී ඇති බව අනාවරණ වී තිබෙනවා. 

ඒ, එක්සත් රාජධානියේ, ප්ලිමත් විශ්වවිද්‍යාලය මගින් කළ පර්යේෂණයකට අනුවයි. 

සාගරයේ ඉහළම ස්ථරවල සිදුවන වෙනස්කම් හේතුවෙන් ආලෝකයට ජලය හරහා ගමන් කිරීම අපහසුවීම සාගරය අඳුරුවීම ලෙස සැලකෙනවා. 

මුහුදේ මතුපිට උෂ්ණත්වය ඉහළයාම, ඇල්ගී වර්ධනය වැනි සාධක මීට සෘජුව බලපා ඇති අතර පොළොවේ ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය හා අවසාධිත වර්ෂාපතනයත් සමඟ සාගර ජලයට මිශ්‍රවීම මීට ප්‍රධාන හේතුවයි.