මෙරට ඉදිවෙන විශාලතම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව බලන්න සෞඛ්‍ය ඇමති යයි

බිංගිරිය ආයෝජන කලාපයේ මේ වන විට ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතින මෙරට විශාලතම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන Synergy Pharmaceuticals Corporation Private Limited කර්මාන්ත ශාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නීරීක්ෂණයට ඊයේ (07) ලක් විය.

නව ඖෂධ නිෂ්පාදනාගාරය තුළ Oral Solid Dosage (OSD), එන්නත්, පිළිකා සහ හෝමෝන ඖෂධ ඇතුළු උසස් තත්ත්වයේ ඖෂධ වර්ග රාශියක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම වසර අවසානයේදී නිෂ්පාදනය ආරම්භ කෙරේ. එහිදී දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර නිෂ්පාදන කටයුතු කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.