කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා බුත්තල පිහිටි රජයේ ධාන්‍ය ගබඩාව නිරීක්ෂණය කළේය.
එහිදී ගබඩාවේ තිබූ ධාන්‍ය තොග පරීක්ෂා කළ අමාත්‍යවරයා එහි සේවක මඬුල්ල සමඟ ද සුහද සාකච්ඡාවක නිරත විය.
මෙහිදී අමාත්‍යවරයා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එක් රැස් කර තිබෙනවාද යන්න සහ එසේ එක් රැස් කර තිබීමෙන් රටේ සහල් ගැටළුවක් නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ මෙන්ම, බඩඉරිඟු පිළිබඳව ගැටළුවක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ පිළිබඳව ගබඩා භාරව ක්‍රියා කරන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සිදු කළේය. එමෙන්ම සමඟ දත්ත වාර්තා ගැන සොයා බලමින් ගබඩාවන් ද පරීක්ෂාවට ලක් කළේය.
නිසි ක්‍රමවේදයකින් ආයතනය පවත්වාගෙන යාමට මෙන්ම එහි නඩත්තු කටයුතු ක්‍රමවත්ම පවත්වාගෙන යාමට රජයේ මැදිහත්වීම ඉදිරියට ලැබෙන බවත්, එහි නිලධාරීන්ට අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, එම සියලුම කරුණු සම්බන්ධයෙන් එහි නිලධාරීන් සිය එකඟතාවය පළ කළේය