කොලොම්බියානු ජනාධිපති අපේක්ෂකයෙකුට බොගෝටා අගනුවර පැවති මැතිවරණ ප්රචාරක උත්සවයකදී වෙඩි තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු උද්‍යානයක පිරිසක් අමතමින් සිටියදී තුවක්කුකරුවෙකු විසින් ඔහුගේ හිසට දෙවරක් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.
අදාල වෙඩික්කරු එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි වැදුනු ජනාධිපති අපේක්ෂකයා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.