මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද හා හෙට විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා කළ බවත්, එය ආරක්ෂිත බවට දුම්රිය සංඥා නිලධාරීන් සහතිකයක් ලබා දී ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
පසුගිය 05 වැනිදා මොරටුව මෝදර ප්‍රදේශයේදී දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් ‘සාගරිකා’ දුම්රිය එම ස්ථානයේ නතර කළ අතර, දුම්රිය මාර්ගය ද තාවකාලිකව වසා දැමුණා.
ඒ සමග මුහුදුබඩ මාර්ගයේ සංඥා පද්ධතිය පිළිබඳව ගැටලුවක් මතු වූයේ, එසේ තිබියදීත් බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අඟවන කොළ පැහැති ආලෝකය සංඥා දිස්වීම හේතුවෙන් පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරුණු බැවිනි.
කෙසේ වෙතත්, දුම්රියේ රියැදුරාගේ විමසිලිමත් බව හේතුවෙන් එහිදී සිදුවීමට ගිය අනතුරක් වලක්වා ගැනීමට හැකිවුණා.