ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙස සඳහන් වනවා.
ඒ අනුව 2025 වසරේ මුල් මාස 05 තුළ දී මෙරටට ලැබුණු සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 3.1ක් බවයි එහි දැක්වෙන්නේ.
මෙය 2024 වසරේ පළමු මාස 05 තුළ වාර්තා වූ ප්‍රේෂණ වටිනාකම වන ඩොලර් බිලියන 2.624 හා සැසඳීමේ දී 18.2% ක වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන්.