පොසොන් සතියට අනුරාධපුර පාසල් 12ක් අද සිට 12 වනදා දක්වා වැසේ

පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.

පොසොන් සතිය අදින් ඇරඹුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.