පාකිස්තානයේ ටික්ටොක් සමාජ මාධ්‍යජාලයේ අතිශය ජනප්‍රිය තරුවක් වන 17 හැවිරිදි සානා යූසුෆ් වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇගේ නිවෙසේදි එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, සැකකරු 22 හැවිරිදි තරුණයකු බවත්, ඔහු මේ වන විට අත්අඩංගුවේ පසුවන බවත් ඉස්ලාමාබාද් පොලීසිය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අදාළ සැකකරු මීට පෙර අවස්ථා ගණනාවකදීම සානා යූසුෆ් සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට උත්සාහ දරා ඇතැයි ද, වෙඩි ප්‍රහාරය එල්ල කළ දිනයේ උදෑසන පැය ගණනාවක් ඇගේ නිවෙස අසල රැඳී සිට ඇතැයි ද මූලික පරීක්ෂණයේදී හෙළි වූ බව පොලීසිය සඳහන් කර තිබේ.
ටික්ටොක් සමාජ මාධ්‍යජාලයේ මිලියනයකට ආසන්න රසික රසිකාවියන් සිටින බව කියන මේ ටික්ටොක් තරුව එම සමාජ මාධ්‍යජාලයට අවසන් වරට නිකුත් කර ඇත්තේ පසුගිය සතියේ යෙදී තිබූ ඇගේ 17 වැනි උපන්දින උත්සවයේ වීඩියෝ පටය බව වාර්තා වේ.