හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා – බිමල් රත්නායක

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය ඉතාම පසුගාමී ස්ථානයක තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව මෙරට හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් නොමැති බවත්, බස්රථ හෝ දුම්රිය හෝ පෞද්ගලික අංශයේ ද හොඳ ප්‍රවාහනයක් නොමැති බවයි අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමට ප්‍රතිපත්ති තීරණ මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලටද යාමට සිදුවනු ඇති බවද, මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ද පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කරුණු 85 කින් සමන්විත එම වැඩසටහන ජුලි 01 වැනිදා සිට ආරම්භ වන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.