ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 16 දෙනෙකු සංචිතයට ඇතුළත් අතර, Najmul Hossain Shanto නායකයා ලෙස කටයුතු කරනවා.
වසර දෙකකට පමණ පසුව වේග පන්දු යවන ක්‍රීඩක Ebadot Hossain ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක් වන අතර, Litton Das ද යළි කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජුනි 17 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතයි.
අදාළ සංචිතය පහතින්.
