වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450 ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇති බව මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්රකාශ කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට වසරේ ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136 ක ආදායමක් ලබාගෙන ඇති බවයි ඔවුන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්රකාශ කර තිබෙන්නේ.
මේ අතර කන්ටේනර් 323ක් රේගුවෙන් නිදහස් කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කමිටුවේ වාර්තාව ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔවුන් කමිටුව හමුවේ සඳහන් කර තිබෙනවා.