මෙරට වයස්ගතම හිමිනම අපවත් වෙති

මෙරට වර්තමානයේ වැඩ වසමින් සිටි වයස්ගතම හිමිනම ලෙස සැලකෙන රත්නපුර මාරපන මාවුදැල්ල විජයනන්දනාරාමය, පැල්මඩුල්ල පාතකඩ ශ්‍රී සුදර්ශණාරාමය යන උභ්‍ය විහාරාධිපති අතිපූජ්‍ය මොරාවත්තේ  ඉන්ද්‍රජෝත්‍යාභිධාන මහ නාහිමියින් අවුරුද 111ක් ආයු වළඳා ඊයේ (04)  අපවත් වී ඇත.

භික්ෂූත්වයට අදාල පොදු මහත් කටයුතු වලදී නායත්වය ගෙනකටයුතු කල ඉන්ද්‍රජෝත්‍යාභිධාන මහ නාහිමියින් පළාත පුරා ආගමික පුනුරුදයක් ඇතිකිරීමට කටයුතු කල ප්‍රමුඛ පෙලේ හිමිනමක ලෙස ප්‍රකට අතර, උන්වහන්සේ 1948 පෙබරවාරි මස 04 වනදින ජාතික නිදහස් දිනයේදී මැවුදැල්ල ප්‍රදේශයේ කුඩා බිම්කඩක් මිළ දී ගෙන මෙම විහාරස්ථානය ආරම්භ කර මුලු මහත් ප්‍රදේශයපුරා දහම් ප්‍රචාරයක කටයුතු සිදු කළහ

එවකට ශ්‍රීපාදස්ථානාධිපතිදූරය හෙබවූ  මොරොන්තුඩාවේ ශ්‍රී ඥාණේස්වර ධම්මානන්ද නායක හිමිගේ ආරාධනයෙන් සිරිපා මලුවේ ආගමිකකටයුතු භාරවදක්‍රියාකරමින් ශ්‍රී පාදවන්දනාවේ පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කර හිමිනම්ක ලෙසද මෙම නායක හිමියන් ජනප්‍රසාදයට ලක්ව ඇත.

උන්වහන්සේගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය එළඹෙන සෙනසුරාදා පස්වරු දෙකට රත්නපුර මාරපන විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිතය.