පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිසු දරුවන් හා අධ්‍යයන / අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම උපදෙස් පිළිපදින ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

2025 මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5 – 19 අතර පාසල් වයසේ පසුවන දරුවන් බවත්, මෝසම් වැසි සමය එළඹීමත් සමග දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිරයෑමේ දැඩි අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.