පාර්ලිමේන්තුව අද (05) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.