නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා – ජනපති

දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක්වුවද, පැරණි නිලධාරී යාන්ත්‍රණයේ යම් කොටස් පැරණි පුරුදුවලින් ගැලවීමට අසමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ හේතුවෙන් RMV ආයතනයෙන් අයතු මුදල් සමඟ නිලධාරීන් හමුවන බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පාතාල නායකයින්ට ගුවන් බලපත්‍ර සෑදු නිලධාරීන් හමුවන බවත්, රේගුවෙන් නීති විරෝධීව භාණ්ඩ පිට කර ගැනීමට උදව් කළ පිරිස් හමුවන බවත්, පරිසර අමාත්‍යංශයෙන් නිසි අනුකූලතාවයෙන් තොරව බල‍පත්‍ර ලබාදීම් වාර්තා වන බවයි අද (05) පරිසර දිනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

මෙම ක්‍රමය පරිවර්තනය කිරීම සඳහා දේශපාලන අධිකාරිය ලෙස තම පූර්ණ සහයෝගය ලබාදෙන බවද, නිලධාරී යාන්ත්‍රණය ද පැරණි පුරුදු අතහැර අලුත්වීමේ කාලය පැමිණ ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

නිලධාරී යාන්ත්‍රණයට තමා නැවත නැවත ප්‍රකාශ කරන්නේ වෙනස් වන ලෙස බවත්, වෙනස්වීමට සූදානම් නොමැති නම් සහතික වශයෙන් එය වෙනස් කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රක‍ාශ කර සිටියේ.